Posts

Self destructive voice message පහසුකම WhatsApp විසින් අත්හදා බැලීමට කටයුතු කරයි

 



තාක්ෂණිකත්වය ලෝකය පුරා විසිරීයන මෙවන් කාලයක privacy එහෙමත් නැත්නම් පෞද්ගලිකත්වය යනු ඉතාමත් ලෙස ආරක්ෂා කරගත යුතු දෙයක් බවට මේ වන විට පත් වී තිබෙනවා.ඉතින් මේ කාලයේ බොහෝ පිරිසක් තම මිත්‍රත්වයන් මෙන්ම සෑම සංවාදයක්ම පවත්වාගන්නේ cyber world එක තුල.

ඒ සදහා බොහෝ දෙනා යොදාගන්න ක්‍රමයක් තමයි instant messaging කියන්නෙ ඉතින් ඔවුන්ගේ එම පෞද්ගලිකත්වය ආරක්ෂා කර ගැනීම සදහා instant messaging apps එහෙමත් නැත්නම් ක්ෂණික පණිවිඩ යැවීමේ යෙදුම් බොහෝ security updates මේ වන විට සිදු කරනවා.


පි දන්න ප්‍රධානම instant messaging app එකක් ලෙස Meta සමාගමේ WhatsApp ගන්න පුළුවන්. ඉතින් WhatsApp තුලද මේ වන විට privacy policies මෙන්ම පරිශීලකයාගේ පෞද්ගලිකත්වය සුරැකීම සදහා බොහෝ ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. ඔවුන් text message එකක් හෝ media message එකක් එක්වරක් පමණක් බැලිය හැකි ලෙස යැවිය හැකි පරිදි අලුත් update එකක් කලකට පෙර ගෙන ආ අතර නැවතත් පරිශීලකයාගේ පෞද්ගලිකත්වය ගැන සිතමින් ඔවුන් තවත් නැවුම් update එකක් ගෙන ඒමට සූදානමින් සිටින් බවට තොරතුරු වාර්තා වෙනවා.

ඒ සදහා මේ වන විට WhatsApp beta Android version 2.23.22.4 සහ WhatsApp beta iOS version 23.21.1.73 සදහා ඔවුන් self destructive එසේත් නැතිනම් ස්වයංක්‍රීයව විනාශ වන ලෙස voice message යැවීමේ පහසුකමක් ලබා දී තිබෙනවා. එය ද media view one feature එක සේම සමාන වන අතර එමගින් ඔබ voice message එක යවන පුද්ගලයාට එය එක්වරක් පමණක් ඇසීමට හැකිවන අතර තවද forward, save, record, හෝ export කිරීමටද හැකියාවක් නොමැති වෙනවා.


මෙම feature එක මේ වන විට තෝරාගත් beta පරිශීලකයන් සදහා පමණක් ලබා දී ඇති අතර ඉදිරියේදී මෙය සෑම WhatsApp පරිශීලකයෙක් සදහාම ලබා දීමට සැරසෙන බවක් කිව හැකිය. නමුත් එය සිදු කරන නිශ්චිත දිනයක් ඔවුන් පවසා නොමැති උනත් හැකි ඉක්මණින් මෙම feature එක සියලුම WhatsApp පරිශීලකයන් සදහා දියත් කරයි කියා අප විශ්වාස කරමු.

ඒ වගේම Meta සමාගම විසින් ඔවුන්ගේ Messenger සහ Instagram යන apps සදහා ද මෙවැනි පහසුකමක් ලබා දීමට සැරසෙන බව පිළිබද ඉගි පළ වන අතර ඒ පිළීබද තොරතුරු වාර්තා වූ ක්ෂණික එය දැනගැනීමට රැදී සිටින්න ලාංකික තාක්ෂණීක පුවත් සපයන්නා Android වැඩකාරයෝ සමගින්.



Rate This Article

Thanks for reading: Self destructive voice message පහසුකම WhatsApp විසින් අත්හදා බැලීමට කටයුතු කරයි, Sorry, my English is bad:)

Getting Info...

Post a Comment

Cookie Consent
We serve cookies on this site to analyze traffic, remember your preferences, and optimize your experience.
Oops!
It seems there is something wrong with your internet connection. Please connect to the internet and start browsing again.
AdBlock Detected!
We have detected that you are using adblocking plugin in your browser.
The revenue we earn by the advertisements is used to manage this website, we request you to whitelist our website in your adblocking plugin.
Site is Blocked
Sorry! This site is not available in your country.